New Intake 2024


 Click Here to Apply now

ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යායතනය පහත ක්ෂේත‍්‍ර සඳහා දිවයින පුරා ආධුනිකයන් අයදුම්පත් භාර ගනු ලබයි.

(1). මානව සම්පත් කළමනාකරණය (ඩිප්ලෝමා / උපාධි)

(Human Recourses Management Diploma/ Degree)

(2). ව්‍යාපාර පරිපාලනය (ඩිප්ලෝමා / උපාධි)

(Business Administration Diploma / Degree)

(3). ඉංග්‍රීසි ගුරු  (ඩිප්ලෝමා / උපාධි)

(English Language Diploma / Degree)

(4). පෙර පාසල් ගුරු  (ඩිප්ලෝමා)

(Pre-School Teaching Diploma)

(5) වෘත්තීය ඡයාරුපකරණය

(Professional Photography)

(6) කේශාලංකරණය සහ රූපලාවන්‍යය

(Beauticulture and Hairdressing)

(7) ඖෂධවේදී සහායක

(Pharmacy Assistant / Technician)

(8) ඖෂධවේදී

(Pharmacist)

(9) කේක් සැකසුම් ශිල්පී

(Cake Maker)

(10) Languages (Japanese / English)

 

අවම මුලික සුදුසුකම්

x අ.පො.ස. (සාමාන්‍ය පෙළ* විභාගයෙන් විෂයන් 6කින් අවම වශයෙන් සම්මාන සාමාර්ථ 4ක් සමඟ සමත්ව සිටීම.

x අ.පො.ස. (උසස් පෙළ* අවම වශයෙන් විෂයන් 2ක් සඳහා එකම වතාවකදී ලබාගත් සාමාන්‍ය සාමාර්ථ ලබාතිබීම (උසස් පෙළ අපේක්ෂිත ප‍්‍රතිපල මතද අයදුම්කළ හැකිය*

x වයස අවුරුදු 18 ට වැඩිවීම සහ 35 ට නොවැඩි වීම (දැනටමත් රැකියාවල නියුක්ත වුවන්ට මෙම සීමාව අදාල නැත*

අපේක්ෂිතයන් අයදුම්කළ අනුපිළිවෙලින් තෝරා ගන්නා බැවින් හැකි ඉක්මනින් අයදුම් කිරීම සුදුසු වේ.

අයදුම්කරුවන් සිය අයදුම්පත් යොමුකළ වහාම සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් කෙරෙන අතර තෝරා ගන්නා අයදුම්කරුවන් සමඟ එදිනම රැකියා ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරේ. මුලික පුහුණුවෙන් පසු අනිවාර්යයෙන් රැකියාගත කරන බවට අයදුම්කරුවන් සමඟ එකඟවන නීතිමය ලියවිල්ල මෙම රැකියා ගිවිසුම ලෙස හැඳින්වේ,

මෙම වැඩසටහන රැකියා අපේක්ෂිතයන්, මෙන්ම තම වෘත්තීය දියුණුව අපේක්ෂා කරන රැකියා නියුක්තිකයන්ටද වැදගත් වේ.

මෙම පුහුණු වැඩසටහන අදාළ ක්ෂේත‍්‍රය පිලිබඳ ඩිප්ලෝමා වැඩසටහනකින් සමන්විත වේ, මුලික පුහුණුව මාස 6ක කාලයක් වන අතර රැකියාගත කිරීම් වලට අමතරව ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක්ද මෙම පුහුණුව අවසානයේ අයදුම්කරුවන්ට හිමිවේ.

මෙම වැඩසටහන් පහත ප‍්‍රදේශ වලදී පැවැත්වේ.

  • නුගේගොඩ        
  • මහනුවර        
  • ගම්පහ       
  • ගාල්ල         
  • මාතර 
  • තංගල්ල     
  • ඇඹිලිපිටිය
  • කෑගල්ල         
  • කුරුණෑගල 
  • අනුරාධපුර      
  • පොලොන්නරුව 
  • රත්නපුර          
  • බණ්ඩාරවෙල 
  • බලංගොඩ
  • මහියංගනය


ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යායතනය යනු කුමක්ද ?


ජාතියේ ජිවනාලිය බඳු තරුණ පිරිසට  සහ ශ‍්‍රම බලකායට කළමනාකරණය ක්ෂේත‍්‍ර ගණනාවකට විධිමත්ව පිවිසීමට අවස්ථාවක් විවර කිරීමත්, ඔවුන්ට අදාල ක්ෂේත‍්‍රවල සුදුසුකම් වැඩිදියුණු කරගැනීමට නිසි මග පෙන්වීමක් ලබාදීමත්, ඔවුන්ව නිසිපරිදි මෙහෙයවීමත් සිය මෙහෙවර කරගත් ආයතනයකි. 2007 අංක 7 දරණ පනත යටතේ සංස්ථාපිත ආයතනයක් වන ජාත්‍යන්තර වෘත්තිය පුහුණු විද්‍යායතනය IIC තාක්ෂණික විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුම්ගතව ජාතික මෙන්ම ජාත්‍යන්තරව පිළිගන්නා සුදුසුකම්ද තරුණ පිරිසට  සහ ශ‍්‍රම බලකායට ලබාදෙන ජාතියේ ප‍්‍රමුඛතම වෘත්තීය ආයතනයකි. 

අප විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් පිළිගන්නා උපාධි වැඩසටහන් පවත්වන ආයතනයක් බැවින් මුලික පුහුණු කාලයෙන් පසු රැකියාවේ යෙදෙන අතරම උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි මට්ටම් දක්වාම අධ්‍යනය කිරීමේ අවස්ථාවද ආයතනය තුලම පවතී. 

ශ‍්‍රී ලංකාව තුල අප වැඩසටහන් මෙහෙයවීම සඳහා අනුමැතිය ලබාගෙන සිටින IIC තාක්ෂණික විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමය වෙතින් අනුමත බැවින් අප ඔබ වෙත ලබාදෙන මෙම සුදුසුකම් සහ අවස්ථා ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් වැඩසටහන් වේ.


අපගේ විශිෂ්ටත්වය 

x අයදුම්කරුවන් 100% රැකියාගත කිරීම 

x විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් පිළිගන්නා උපාධියක් කෙටිම කාලයකින් ලබාගත හැකිවීම 

x ජාතික හා ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට යටත් පුහුණුව 

x අන්තර්ජාලයෙන් අයදුම්කිරිම සහ සම්බන්ධවීමේ අවස්තාව 

x සුදුසුකම්ලත් කළමනාකරණ වෘත්තිකයන් විසින් වැඩසටහන් මෙහෙයවීම


අයදුම් කරන්නේ කෙසේද ?